facebook එක Hack වීමෙන් වළක්වා ගැනීමට ගතහැකි ක්‍රියාමාර්ග - SMS මගින් සහ වෙනත් ක්‍රම (How to prevent facebook hacking through sms) - Updated
මේ ගැන මම මීට කලිනුත් ලිපියක් පල කලා . නමුත් facebook update කර ඇති නිසා මේකත් අළුතෙන්ම ලියන්න හිතුන . තව අළුත් කරුණු කිහිපයකුත් පහලින් එකතු කරල ඇති.
ගොඩක් අයට තියෙන බයක් තමයි තමන්ගෙ facebook එක කවුරුහරි
හැක් කරයි කියන එක. ඊයෙත් මේ ප්‍රශ්නය මතු උනා . Online Help කියන group එකට විශාල ප්‍රශ්නයක් මතු උනා.. මෙය නැවත් ලියන්න තවත් හේතුවක් මෙයත්.
මේ ක්‍රමය අති සාර්ථකයි.. ඔබව හැක් කරන්න කාටවත්ම බැහැ ඔබේ අත්වැරැද්දෙන් තමයි ඔබට ඔබේ ගිණුම නැති වීමක් උනොත් වෙන්නෙ..
- මේකෙ සිද්ධ වෙන්නෙ මෙහෙමයි. අපි මේ ක්‍රමය ක්‍රියාත්මක කළාට පස්සෙ අපේ ගිණුමට ඈතුල් වෙන්න පුළුවන් අපේ පරිගණකයෙන් විතරමයි. කෙනෙක් ඔබේ password එක හොරකම් කරල හෝ අනුමාන කිරීමෙන් වෙනත් පරිගණකයකින් ඈතුල් වෙන්න හැදුවොත් මේ ක්‍රමය මගින් ඒක වළක්වනව.
- ඒ වගේම facebook ඔබට sms පණිවිඩයක් එවනව .ඒත් සමගම රහස් අංකයක් එවනව. එම රහස්‍ය අංකය ඈතුලත් කළොත් පමණයි වෙනත් පරිගණකයකින් ඈතුල් වෙන්න උත්සාහ කරන කෙනාට ඈතුල් වෙන්න පුළුවන වෙන්නෙ.
- ඉතින් වෙනත් පරිගණකයකින් ඈතුල් වෙන්න හදන කෙනා ඔබ නම් ඔබට ප්‍රශ්නයක් නැතුව log වෙන්න හැකි වෙනව.
- දැන් ඉතින් ඔබේ facebook ගිණුම hack කරන්න එන කෙනාට ඔබේ password එකයි ජංගම දුරකථනයයි 2ම නැතුව නම් hack කරන්න බැරිවෙයි. මොකද දැන් ඔබේ ගිණමට log වෙන්න පුළුවන් වෙන්නෙ ඔබේ පරිගණකයෙන් පමණයි.
- ඒ වගේම ඔබ කාර්යාල පරිගණකයෙන් facebook එනව නම් එහෙමත් නැත්නම් වෙනත් පරිගණක කීපයකින් facebook එනව නම් ඒවත් list එකට දා ගන්න.
හැබැයි මේ ක්‍රමය ඔබේ facebook ගිණුමට active කර ගන්න වෙනව.
බය වෙන්නෙපා මම කියල දෙන්නම් කරන විදිය.- log වෙන්න ඔබේ facebook ගිණුමට.
- දැන් මේ ලින්ක් එකට යන්න [ https://www.facebook.com/settings?tab=security&section=approvals ]
CLICK HERE - එහි ඇති
හරි ලකුණ යොදන්න.
- දැන් පහත පරිදි box එකක් පෙනේවි. එය Set Up Now යොදා ඉදිරියට යන්න
මෙහි ඔබේ ජංගම දුරකතන අංකය යොදන්න . Conitnue යොදා ඔබේ දුරනතනය දෙස බලන්න
.
- ඔබට පෙනේවි එහි +32665 යන අංකයෙන් ලැබී ඈති sms පණිවිඩය.
උදා: please use the code 12345 to confirm access to your phone
එහි ඈති අංකය (code) පහත ආකාරයෙන් facebook වල ඇති කොටුවේ type කර Continue කරන්න
- දැන් setup කර අවසානයි. එය පහත පරිදි පෙනේවි
- දැන් ඔබේ ගිණුම සුරක්ෂිතයි.
ප . ලි.
මීට අමතරව
1. තමන්ගේ ඉමේල් ගිණුම රහසිගතව තබා ගන්න
2 . ඔනැම කෙනෙක් එවන ලින්ක් එකකට යෑමේදි 2වරක් සිතන්න
3. එමෙන්ම ඔබ facebook ගිණුමට log වෙන විට address bar එකෙහි facebook.com යන්න පමණක් තිබේදැයි හොදින් බලන්න
4 .මිතුරන් එකතු කරගැනීමේදී පුවේසම් වන්න ඔවුන් එවන් ලින්ක් වලට යාමේදී එම ලින්ක් එක හොදින් බලන්න (WOT වැනි addon එකක් භාවිත කිරීම වඩා පහසුයි - http://www.mywot.com/ > Go)
5. Internet cafe මගින් හෝ යහළුවන්ගේ පරිගණක මගින් log වනවිට Device එක save නොකිරීමට වගබලා ගන්න.. සහ මතක ඇතුව පිටවෙන්න කලින් logout වෙන්න..
6. විවිධ Applications එකතු කිරීමේදී ඒවායින් ඔබෙන් අවසර ලබාගන්නේ කුමන කාරණා වලටදැයි හොදින් කියවන්න. (නොතේරෙයි නම් allow නොකර ඉන්න)
මේ ක්‍රම හරියට අනුගමනය කළහොත් කිසිවිටක ඔබව හැක් වෙන එකක් නැහැ..
facebook අඩවිය සම්පූර්ණයෙන් හැක් නොවී පවතින තාක්කල් ඔබේ ගිණුම සුරක්ෂීතයි..
Dulkith Dasunthara BLOG 2011

No comments:
Post a Comment